Monday, March 19, 2018

Personal Website එක නොමිලේම publish කරගමු



    අද අපි කතාකරන්න යන්නෙ කොහොමද තමන්ටම personal website එකක් හදාගෙන නොමිලේම internet එකේ publish කරන්නෙ කියල. මේකට අපි පාවිච්චි කරන්නෙ GitHub Pages. ඊට කලින් මම කියල ඉන්නම් මෙහෙම website එකක් හදාගන්න එකේ වැදගත්කම මොකක්ද කියල. මූලිකම දේ මේකයි. අපි job එකකට apply කරන්න CV එකක් හදද්දි පුළුවන් තරම් try කරන්න ඕනේ CV එකේ pages ගාන ලිමිට් කරගන්න. CV එකේ තියෙන්න ඕනෙ තමන්ගෙ විස්තර ගැන abstract එකක්. ඉතින් අපි කරපු projects වල සම්පූර්ණ විස්තර එහෙම ඇතුලත් කරන්න ගියොත් CV එක පොතක් වගේ වෙනව.

Related image


   මේකට විසදුමක් තමයි CV එකේ project ගැන විස්තර කෙටියෙන් ඇතුලත් කරල, තමන්ගෙ website එකේ එක එක project එක ගැන images එක්කම පැහැදිලි විස්තරයක් ඇතුලත් කරන එක. ඔයාල කරන projects ඔක්කොම GitHub එකට upload කරල website එකේ පෙන්නන්නත් පුළුවන්. (හැබැයි CV එකේ ඔයාලගෙ website එකේ link එක දාන්න අමතක කරන්න එපා. අනිත් එක GitHub Pages කියන්නෙ hosting service එකක් නෙවෙයි. ඔයාලට PHP, JSP projects එහෙම මේකෙ host කරන්න හැකියාවක් නෑ. Static webpages host කිරීමේ පහසුකම විතරයි තියෙන්නේ.) ඒ වගේම personal website එකක් official වෙන්න ඕනෙ නැති නිසා simple English වලින් තමන් කැමති ඕනෙම විස්තරයක් ඇතුලත් කරන්න පුළුවන්. මේකට කියන්නෙ ePortfolio එකක් කියල. මේ තියෙන්නෙ ePortfolio ගැන youtube එකේ තිබුන video එකක්.



ඒ වගේම මේකෙ තියන අනිත් වාසිය, ඔයා මේ වෙනකොට කරල තියන projects කාටහරි පෙන්නන්න අවශ්‍ය උනොත්, ඒ වෙලාවෙම site එකට ගිහින් පෙන්නන්න පුළුවන්. පරණ projects දාපු තැන් හොය හොය කාලෙ නාස්ති කරන්න ඕනෙ නෑ. ඔයා university student කෙනෙක්නම් දන්නව ඇති first year එකේදී කරපු projects ගොඩක් අයට final year වෙද්දි අමතකයි. මුල ඉඳලම මේ වගේ site එකක් maintain කරනවනම් එහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙත් නෑ.
   
හරි. දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නෙ කියල.

1) මුලින්ම GitHub එකේ account එකක් හදාගන්න.

***ඔයා university student කෙනෙක්නම් ඔයාට අනිවාර්යෙන්ම university email address එකක් ඇති. ඒ email එකෙන් GitHub account එක හදාගත්තොත් හරි, නැත්නම් ඔයාගේ තියන GitHub account එකට ඒ email එක connect කලොත් හරි ඔයාට ගොඩක් වටින web development services කිහිපයක් නොමිලේ student pack එකක් විදිහට ලබාගන්න පුළුවන්. මේ pack එකට ඔයාගේ e-portfolio එක publish කරන්න පුළුවන් .me domain එකකුත් ඇතුලත්. ***
Image result for github student pack

2) මේ step එක student email එකක් තියන කට්ටියට. මේ site එකට යන්න https://nc.me/. ගිහින් ඔයාගෙ site එකට පාවිච්චිකරන්න කැමති address එකක් මෙතන type කරන්න.     උදාහරණයක් විදිහට ඔයාගේ නම දිනේෂ් කාර්තික් නම්, dineshkarthik.me වගේ එකක් හොඳයි. ;) 

 
  
ඊට පස්සේ  ඔයාගේ domain එක cart එකට add කරල Complete Order button එක click කරන්න.  මේකෙදි ඔයාගෙන් මුදල් අයකිරීමක් සිද්දවෙන්නේ නෑ. මොකද ඔයා student කෙනෙක් නිසා. (මේ සේවාව නොමිලේ ලබාගන්න පුළුවන් අවුරුද්දකට විතරයි)

 
ඊළගට එන page එකේ ඔයාට කරන්න තියෙන්නෙ GitHub Pages option එක select කරල ඔයාගෙ email address එක දෙන එක. මතක ඇතුව ඔයාගෙ GitHub account එකේ email එක දෙන්න.
    
3) හරි. දැන් ඔයාගේ GitHub account එකට log වෙලා බලන්න. අළුත් repository එකක් හැදිල ඇති username.github.io කියන format එකට. (student emails නැති අය මේ විදිහට අලුත් repository එකක් හදාගන්න. username කියන තැනට එන්න ඕනේ  ඔයා දැනට භාවිතා කරන github username එක.) ඒ repository එක ඇතුලට යන්න. 

4) ඔයාලගෙ computer එකේ notepad open කරගෙන මෙන්න මේ වගේ simple webpage එකක් හදාගන්න. ඒක index.html නමින් save කරගන්න. මේක පාවිච්චි කරන්නෙ අපේ domain එක check කරගන්න.
5)  දැන් ඔයා කලින් open කරගත්තු repository එකට මේ index.html file එක upload කරගන්න. (මේකට git install කරල තියෙන්න ඕනෙ නෑ. Repository එක open කරපු page එකේම 'Upload Files' button එක click කරල file එක drag and drop කරන්නයි තියෙන්නෙ.) Upload උනාට පස්සෙ page එකේ යට තියන 'Commit Changes' button එක click කරන්න.

6) හරි. අපි දැන් domain එකයි host එකයි configure කරගෙන ඉවරයි. වැඩේ සාර්ථකයිනම් ඔයා කලින් හදාගත්ත username.me domain එකට ගියහම "Hello World" message එකක් පෙන්නන්න ඕනේ. මෙන්න මේ වගේ. (.me domain එකක් නැත්නම්
username.github.io address එක පාවිච්චි කරන්න. )


7) දැන් අපිට කරන්න තියෙන්නෙ හොඳ template එකක් පාවිච්චි කරල ලස්සනට site එක හදාගන්න එක. මමනම් පාවිච්චි කළේ මෙන්න මේ template එක.මේ site එකේම තව මේ වගේ free templates ගොඩක් තියනව. වැඩිය complex templates වලට යන්න එපා. මොකද මේ වගේ site එකක් simple වෙන තරමට තමයි හොඳ.

 

Template එක download කරල එකෙ තියන index.html file එක notepad++ වගේ editor එකකින් open කරගෙන ඔයාලට ලේසියෙන්ම template එක customize කරගන්න පුළුවන්. Edit කරල ඉවරවෙලා  කලින් upload කළා වගේ template එකේ ඔක්කොම files ටික ඔයා හදාගත්ත GitHub repo එකට upload කරගන්න. 

හරි..වැඩේ ඉවරයි. මේ repo එකේම subfolders හදල ඔයාගෙ projects upload කරගන්න පුළුවන්. වැඩේ කරද්දි ප්‍රශ්න, ගැටළු ආවොත් හරි, post එකේ වැරදි අඩුපාඩු මොකුත් තියනවනම් හරි comment කරගෙන යන්න අමතක කරන්න එපා.. අලුත් post එකකින් අයෙත් හම්බවෙමු. 

පයිතන් : 3 පාඩම - Loops (Python : lesson 3)



  පහුගිය දවස්වල තිබ්බ වැඩ අධික කමත් එක්ක අලුත් පාඩමක් දාන්න වෙලාවක් තිබුනෙ නෑ. පොඩි නිවාඩුවක් ලැබුන නිසා හිතුන අලුත් පාඩම් ටිකක් දැම්මොත් හොඳයි කියල. හරි..අන්තිම පාඩම ඉවරවෙද්දි මම කිව්වනේ ඊලග පාඩමෙන් loops ගැන කියල දෙනව කියල. සාමාන්‍ය ජීවිතේදිනම් loop එකක් කියන්නෙ අගත් මුලත් සම්බන්ධ වෙන රවුම් හැඩයකට. අපි බලමු programming වලදි loop එකක් කියන්නෙ මොකද්ද කියල.


    ඇත්තටම programming වලදී loop එකක් කියල කියන්නෙ එකම දේ නැවත නැවතත් කරන code segment එකකට. පහතින් තියෙන්නෙ ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් සරල උදාහරණයක්.

අපි හිතමු අපිට තේ එකක් හදන්න ඕනෙ කියල. ඒකට අදාළ steps ටික ගමුකො.

step 1: උණු වතුර ටිකක් කෝප්පයකට දාගන්න
step 2: තේ කොල හැන්දක් දාන්න
step 3: සීනි හැන්දක් දාන්න
step 4: සීනි මදිනම්, නැවත step 3 වෙත යන්න
step 5: පිළිගන්වන්න


   මේක බැලුවහම අපිට තේරෙන දෙයක් තමයි 3 සහ 4 යන steps දෙක කීපවාරයක් run වෙනව කියන එක. 5 වෙනි step එකට යන්නෙ සීනි ඇතිවෙන්න දාගෙන ඉවරවුනාට පස්සෙ. ඉතින් මේ 3 සහ 4 steps දෙක loop එකක් විදිහට වැඩකරනව කියල අපිට කියන්න පුළුවන්. හැබැයි අපි කොහොමද loop එක කී වතාවක් run වෙනවද කියල තීරණය කරන්නෙ? ඒකට අපිට පාවිච්චි කරන්න වෙනව කොන්දේසියක්..ඒ කිව්වෙ loop condition එක. උඩ උදාහරණේ රතු පාටින් තියෙන්නෙ ඒක. loop එකේ හැම cycle එකකදීම අපි check කරනව condition එක satisfy වෙනවද කියල. satisfy වෙන්නේ නැත්නම් (මේකෙදිනම් සීනි මදි නැත්නම්) loop එක එතනින් ඉවරකරල ඊලග step ඒකට යනව.

 හරි. දැන් තේරෙනවනෙ loop එකක් කියන්නෙ මොකද්ද කියල. ඊළගට බලමු python වලදි loop එකක් පාවිච්චි කරන විදිහ. python වල loops වර්ග දෙකක් තියනව. while loop සහ for loop. අපි මේ දෙක වෙන වෙනම අරගෙන බලමු.

while loop 

  මේකෙදි අපි කරන්නෙ උඩ කිව්ව වගේ loop එකට condition එකක් දෙන එක. උදාහරණයක් බලමුකො.

    x=1
    while(x<10):
      print(x)
      x=x+1
    print('end')
 
     මේ code එක python වල type කරල run කරල බලන්නකො. මතක ඇතුව දෙවෙනි line එකට පස්සෙ තියන line දෙකේ ඉස්සරහින් තියන tab space එක ඒ විදිහටම තියන්න. මේකට කියන්නෙ  indentation කියල.මේකෙන් අපි python interpreter එකට කියනවා 'මේ code line එක අයිති උඩ තියන line එකට' කියල. අපේ උදාහරණේදිනම් 3,4 line දෙක අයිතිවෙන්නෙ දෙවනි line එකට. ඒ කියන්නෙ while loop එකට. හැබැයි 5 වෙනි line එක තියෙන්නෙ while loop එකෙන් එලියෙ. මොකද ඒකට අපි indentation දාල නෑ.ඉතින් loop එක run වෙන හැම වාරෙකදිම 3,4 lines දෙක තමයි run වෙන්නෙ.
     
    ඔයාල code එක හරියට type කලානම් run කලහම  මේ වගේ output එකක් එයි.
         
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    end
 
දැන් ඔයාලට තේරෙනව ඇතිනේ මෙතන වෙන්නෙ මොකක්ද කියල. 3 වෙනි line එක (print(x)) වෙනුවට ඔයාලට කැමති code එකක් මේකෙ ඇතුලත් කරන්න පුළුවන්. ඔයාල දෙන command එක 10 වතාවක් run වෙනවා මේ code එකට අනුවනම්. 
     

for loop

    මේකෙදිත්  වෙන්නෙ කලින් කිව්ව වගේම දෙයක් තමයි. හැබැයි මේකෙ වෙනස තමයි අපි increment එක (loop එක කී වතාවක් run උනාද කියල බලන්න අපි කලින් x කියල variable එකක් අරගෙන ඒක එකින් එක වැඩි කලා හැම cycle එකේදිම. ඒකට තමයි increment එක කියන්නෙ) දෙන්නෙ loop එක පටන්ගන්න line එකේමයි. උදාහරණයක් බලමු.

    for x in range(1,10):
      print(x)
    print('end')

   මේකේ පලවෙනි line එක හොඳට බැලුවොත් ඔයාලට තේරුම්ගන්න පුළුවන් අපි x කියන variable එකට range එකක් දීල තියනව. වරහන් ඇතුලෙ තියන range එකේ තමයි x වෙනස් වෙන්නෙ (1 සිට 10 දක්වා). ඔයාලට මේ වගේ output එකක් බලාගන්න පුළුවන් වෙයි.
 


    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    end
  
    ඔයාලට පේනව මේ loops දෙකෙන්ම සිද්දවෙන්නෙ එකම දේ. එත් අපේ අවශ්‍යතා අනුව මේ දෙකම එක එක විදිහට customize කරන්න පුළුවන්. ඒ ගැන ඉස්සරහට කතාකරමු. දැනට ඔයාලට python ගැන හොඳ  මූලික දැනුමක් තියනව. ඒ දැනුමෙන් hackathon එකකදි ලොකු දෙයක් කරන්න පුළුවන්..හැබැයි, practice වීම අනිවාර්යයි.

    Challenge එකකට කැමති කට්ටිය දැන්ම මේ website එකට ගිහින් register වෙන්න. 



    ඔයාලගේ programming දැනුම වගේම analytical skill එකත් වැඩිකරගන්න හොඳම තැනක් තමයි ඕක.ලෝකෙ වටේම ඉන්න programmersල register වෙලා තරග කරන site එකක්. උත්සාහ කරල බලන්න ඔයාලටත් medal එකක් ගන්න පුලුවන්ද කියල.

    ඒ වගේම ඉස්සරහට තියන hackathon ගැන දැනගන්න මේ site එකට යන්න. 

 

හරි අදට එච්චරයි. අලුත් පාඩමකින් ආයෙමත් හම්බවෙමු. ජයවේවා! :)
 

Monday, October 3, 2016

පයිතන් : 2 පාඩම - List Methods (Python : lesson 2)






            කලින් පාඩමෙන් අපි python වල input එකක් හරියට list එකකට දාගන්නේ කොහොමද කියල ඉගෙනගත්තනෙ. මේ පාඩමෙන් බලමු එහෙම ගත්ත list එකකට අපිට අවශ්‍ය විදිහට වෙනස්කම් කරන විදිහ සහ අපිට අවශ්‍ය data මේ list එකෙන් ලබාගන්න විදිහ.මේකට අපි පාවිච්චි කරන්නෙ list methods සහ list functions. අපි hackathon එකක problem එකක් කියවල තෙරුම්ගත්තට පස්සෙ අපේ හිතේ ඇඳෙන logic එක code එකක් බවට පරිවර්තනය කරගන්න මේ list methods සහ functions වැදගත් වෙනව.
            ප්‍රධාන වශයෙන් අපිට වැදගත් වෙන list methods 9ක් තියනව. ඒව තමයි  append(), count(), extend(), index(), insert(), pop(), remove, reverse(), sort().
            ඒ වගේම වැදගත් වෙන list functions 3ක් තියනව. ඒ max(), min(), count()

            හරි..අපි මුලින්ම බලමු python වල සාමාන්‍ය විදිහට list එකක් හදාගන්නෙ කොහොමද කියල.

            li=[7,1,9,4,2,5,8]
            li2=[4,3,5]
            li3=[‘i’,’l’,’u’,’w’,’m’,’l’,’d’]

            අපිට අවශ්‍ය element එකක් මේ list වලින් read කරන්න ඕනෙනම් දෙන්න ඕනෙ command එක
            a=li3[0]
            b=li[-1]
            දැන් a වල අගය ‘i (li3 එකේ මුල්ම element එක)
            b වල අගය 8 (li list එකේ අන්තිම element එක)
           
           ඉස්සරහට හම්බවෙන හැම example එකකම මම පාවිච්චි කරන්නෙ උඩ තියන list තුන. දැන් අපි එක එක method එක අරගෙන බලමු ඒවයින් කරන්න පුළුවන් මොනවද කියල.

1) append():
            අපේ list එකේ අගට අලුත් element එකක් එකතු කරගන්න append() method එක පාවිච්චි කරන්න පුළුවන්.
            
             li3.append(‘k’)

            මේ code එක run කලහම li3 කියන list එකේ අගට k අකුර එකතු වෙනව. දැන් print(li3) command එක දුන්නොත් අපිට එන්නෙ මේ වගේ output එකක්.

[‘i’,’l’,’u’,’w’,’m’,’l’,’d’,’k]


2) count():
            අපිට අවශ්‍ය element එකක් list එකේ කී වතාවක් දීල තියනවද කියල දැනගන්න count() method එක පාවිච්චි කරන්න පුළුවන්.
           
             a=li3.count(‘l’)

            උඩ තියන code එකෙන් වෙන්නෙ a කියන variable එකට 2 assign වෙන එක (a=2). මොකද l අකුර li3 list එකේ දෙවතාවක් තියන නිසා.


3) extend():
            List එකකට තවත් list එකක් එකතු කරන්න extend() method එක පාවිච්චි කරන්න පුළුවන්.

             li.extend(li2)

            දැන් print(li) command එක දුන්නොත් අපිට ලැබෙන්නේ 

            [7,1,9,4,2,5,8,4,3,5]

            කියන output එක. ඒ li list එකේ අගට li2 list එක එකතු වෙන නිසා.


4) index():
            අපිට අවශ්‍ය element එකක index එක හොයාගන්න index() method එක යොදාගන්න පුළුවන්.
           
             a=li3.index(‘l’)

           උඩ code එක run කලහම a වල අගය 1 (one) වෙනව. මොකද 'l' අකුර මුලින්ම දීල තියෙන්නෙ li3 list එකේ පලවෙනි element එක හැටියට.(i කියන්නෙ 0 ස්ථානයේ තියන element එක)


5) insert():
            list එකේ අපිට අවශ්‍ය ස්ථානයකට element එකක් දාගන්න insert() method එක පාවිච්චි කරන්න පුළුවන්.
              
            li3.insert(5,’w’)
             
            මේකෙන් වෙන්නෙ li3 එකේ 5 වෙනි ස්ථානයට ‘w’ අකුර ඇතුල් වෙන එක. දැන් li3 print කලොත් මේ වගේ output එකක් ලැබෙන්න ඕනෙ.
           
            ['i', 'l', 'u', 'w', 'm', 'w', 'l', 'd', 'k']


6) pop():
            List එකේ අන්තිම element එක අයින් කරන ගමන් ඒක return කරගන්න pop() method එක පාවිච්චි වෙනව.
            
             a=li2.pop()

            දැන් a වල අගය වෙන්නෙ 5.ඒ වගේම li2 list එකේ තියෙන්නෙ [4,3] elements දෙක විතරයි.


7) remove():
            අපිට අවශ්‍ය element එකක් list එකෙන් අයින් කරගන්න remove() method එක පාවිච්චි වෙනව.
           
             li.remove(5)

            දැන් li list එකෙන් 5 කියන element එක අයින් වෙනව. හැබැයි මුල ඉඳන් යද්දි හම්බවෙන පලවෙනි element එක විතරයි. දැන් li list එකේ තියෙන්නෙ [7,1,9,4,2,8,4,3,5] කියන elements ටික.

8) reverse():
            List එකක් අනිත් පැත්ත හරවගන්න reverse() method එක පාවිච්චි කරන්න පුළුවන්.
           
            li.reverse()

           දැන් li list එක තියෙන්නෙ මෙහෙම. [5,3,4,8,2,4,9,1,7]

9) sort():
            List එකක් ascending order එකට sort කරගන්න තමයි sort() method එක පාවිච්චි වෙන්නෙ.
            li.sort() command එකෙන් අපිට li list එක [1, 2, 3, 4, 4, 5, 7, 8, 9] ආකාරයට sort කරගන්න පුළුවන්. sort() method එක strings තියන list එකක් a-z sort කරගන්නත් පාවිච්චි කරන්නත් පුළුවන්.

හරි..මේ methods වලට අමතරව මම සඳහන් කරපු functions තුන පාවිච්චි වෙන්නෙ මොනවටද කියල දැන් බලමු.


1) max():
            List එකේ උපරිම අගය මේකෙන් හොයාගත්තහැකි.
            
             a=max(li)
           
           දැන් a වල අගය 9 වෙනව. මොකද li list එකේ උපරිම අගය 9.

2) min():
            max() function එක වගේමයි. min() function එකෙන් ලැබෙන්නෙ අවම අගය.

3) len():
            List එකේ තියන elements ගාන මේකෙන් හොයාගන්න පුළුවන්.

            a=len(li3)

            දැන් a වල අගය වෙන්නෙ 9. මොකද li3 list එකේ elements 9ක් තියන නිසා.

හරි..අද පාඩම මෙතනින් ඉවරයි. ඊලගට බලමු python වල loops සහ conditional statements ගැන.