කලින් පාඩමෙන් අපි python වල input එකක් හරියට list එකකට දාගන්නේ කොහොමද
කියල ඉගෙනගත්තනෙ. මේ පාඩමෙන් බලමු එහෙම ගත්ත list එකකට අපිට අවශ්‍ය විදිහට
වෙනස්කම් කරන විදිහ සහ අපිට අවශ්‍ය data මේ list එකෙන් ලබාගන්න විදිහ.මේකට අපි
පාවිච්චි කරන්නෙ list methods සහ list functions. අපි hackathon එකක
problem එකක් කියවල තෙරුම්ගත්තට පස්සෙ අපේ හිතේ ඇඳෙන logic එක code එකක් බවට
පරිවර්තනය කරගන්න මේ list methods සහ functions
වැදගත් වෙනව.
ප්‍රධාන වශයෙන් අපිට වැදගත් වෙන list methods 9ක් තියනව. ඒව
තමයි append(),
count(), extend(), index(), insert(), pop(), remove, reverse(), sort().
ඒ වගේම වැදගත් වෙන list functions 3ක් තියනව. ඒ max(), min(), count()
හරි..අපි මුලින්ම බලමු python වල සාමාන්‍ය විදිහට list එකක් හදාගන්නෙ
කොහොමද කියල.
li=[7,1,9,4,2,5,8]
li2=[4,3,5]
li3=[‘i’,’l’,’u’,’w’,’m’,’l’,’d’]
අපිට අවශ්‍ය element එකක් මේ list වලින් read කරන්න ඕනෙනම් දෙන්න ඕනෙ
command එක
a=li3[0]
b=li[-1]
දැන් a වල අගය ‘i’ (li3 එකේ මුල්ම element එක)
b වල අගය 8 (li list එකේ අන්තිම element එක)
ඉස්සරහට හම්බවෙන හැම example
එකකම මම පාවිච්චි කරන්නෙ
උඩ තියන list තුන. දැන් අපි එක එක method එක අරගෙන බලමු ඒවයින් කරන්න පුළුවන්
මොනවද කියල.
1) append():
අපේ list එකේ අගට අලුත් element එකක් එකතු කරගන්න append() method එක
පාවිච්චි කරන්න පුළුවන්.
li3.append(‘k’)
මේ code එක run කලහම li3 කියන list එකේ අගට k අකුර එකතු වෙනව. දැන් print(li3) command එක දුන්නොත් අපිට එන්නෙ මේ වගේ output එකක්.
[‘i’,’l’,’u’,’w’,’m’,’l’,’d’,’k’]
2) count():
අපිට අවශ්‍ය element එකක් list එකේ කී වතාවක් දීල තියනවද කියල දැනගන්න count() method එක පාවිච්චි කරන්න පුළුවන්.
a=li3.count(‘l’)
උඩ තියන code එකෙන් වෙන්නෙ a කියන variable එකට 2 assign වෙන එක (a=2). මොකද l අකුර li3
list එකේ දෙවතාවක් තියන නිසා.
3) extend():
List එකකට තවත් list එකක් එකතු කරන්න extend() method එක පාවිච්චි කරන්න පුළුවන්.
li.extend(li2)
දැන් print(li) command එක දුන්නොත් අපිට ලැබෙන්නේ
[7,1,9,4,2,5,8,4,3,5]
කියන output එක. ඒ li
list එකේ අගට li2 list එක එකතු වෙන නිසා.
4) index():
අපිට අවශ්‍ය element එකක index
එක හොයාගන්න index() method එක යොදාගන්න පුළුවන්.
a=li3.index(‘l’)
උඩ code එක run කලහම a වල අගය 1 (one) වෙනව. මොකද 'l' අකුර මුලින්ම දීල තියෙන්නෙ li3 list එකේ පලවෙනි element
එක හැටියට.(i කියන්නෙ 0 ස්ථානයේ තියන element එක)
5) insert():
list එකේ අපිට අවශ්‍ය ස්ථානයකට element එකක්
දාගන්න insert() method එක පාවිච්චි කරන්න පුළුවන්.
li3.insert(5,’w’)
මේකෙන් වෙන්නෙ li3 එකේ 5 වෙනි ස්ථානයට ‘w’ අකුර ඇතුල් වෙන එක.
දැන් li3 print කලොත් මේ වගේ output එකක් ලැබෙන්න ඕනෙ.
['i', 'l', 'u', 'w', 'm', 'w', 'l',
'd', 'k']
6) pop():
List එකේ අන්තිම element එක අයින් කරන ගමන් ඒක return කරගන්න pop() method එක
පාවිච්චි වෙනව.
a=li2.pop()
දැන් a වල අගය වෙන්නෙ 5.ඒ වගේම li2 list එකේ තියෙන්නෙ [4,3]
elements දෙක විතරයි.
7) remove():
අපිට අවශ්‍ය element එකක් list එකෙන් අයින් කරගන්න remove() method එක
පාවිච්චි වෙනව.
li.remove(5)
දැන් li list එකෙන් 5 කියන element එක අයින් වෙනව. හැබැයි මුල ඉඳන් යද්දි
හම්බවෙන පලවෙනි element එක විතරයි. දැන් li list එකේ තියෙන්නෙ [7,1,9,4,2,8,4,3,5] කියන elements ටික.
8) reverse():
List එකක් අනිත් පැත්ත හරවගන්න reverse()
method එක පාවිච්චි කරන්න
පුළුවන්.
li.reverse()
දැන් li list එක තියෙන්නෙ මෙහෙම. [5,3,4,8,2,4,9,1,7]
9) sort():
List එකක් ascending order එකට sort කරගන්න තමයි sort() method එක පාවිච්චි වෙන්නෙ.
li.sort()
command එකෙන් අපිට li list එක [1, 2, 3, 4, 4, 5, 7, 8, 9]
ආකාරයට sort කරගන්න
පුළුවන්. sort() method එක strings තියන list එකක් a-z sort කරගන්නත්
පාවිච්චි කරන්නත් පුළුවන්.
හරි..මේ methods වලට අමතරව මම සඳහන් කරපු functions තුන පාවිච්චි වෙන්නෙ මොනවටද කියල දැන් බලමු.
1) max():
List එකේ උපරිම අගය මේකෙන් හොයාගත්තහැකි.
a=max(li)
දැන් a වල අගය 9 වෙනව. මොකද li list එකේ
උපරිම අගය 9.
2) min():
max() function එක වගේමයි. min() function එකෙන් ලැබෙන්නෙ අවම අගය.
3) len():
List එකේ තියන elements ගාන මේකෙන් හොයාගන්න
පුළුවන්.
a=len(li3)
දැන් a වල අගය වෙන්නෙ 9. මොකද li3 list එකේ elements 9ක් තියන නිසා.
හරි..අද පාඩම මෙතනින්
ඉවරයි. ඊලගට බලමු python වල loops සහ conditional statements ගැන.


