ජාවා කියන්නෙ මොකක්ද? මේ ප්රශ්නෙට උත්තරේ දැන් පොඩි ළමයෙක් උනත් දන්නව. දැනට තියන බලවත්ම පරිගණක භාෂා අතරින් එකක්. Sun Microsystems සමාගමේ James Gosling විසින් නිපදවුණු ජාවා දැන් අයිති Oracle සමාගමට. මම ජාවා ගැන දීර්ඝ හඳුන්වාදීමක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. වැඩි විස්තර වලට නොයා පාඩම පටන්ගමු.
1.මුලින්ම මෙතන click කරල ජාවා website එකට යන්න.
2. දැන් "Java SE Development Kit 8u73" යටතේ තමන්ගෙ OS එකට අදාළ setup file එක click කරන්න. Platform එක හරියටම දන්නෙ නැත්නම් "Windows 32 bit" file එක තෝරගන්න.
3. Setup එක run කරල ජාවා install කරගන්න.
දැන් ජාවා programming වලට ඔයාගෙ computer එක ලැහැස්තියි. එත් අපේ වැඩ ලේසි වෙන්න තව පොඩි දෙයක් කරන්න තියනව. ඒ Windows වල Environment Variables configure කරන එක.
1. Control Panel එකේ System Properties වලට ගිහින් Advanced ටැබ් එක යටතේ Environment Variables button එක click කරන්න.
2. Environment Variables window එකේ User Variables යටතේ "PATH" කියල variable එකක් නැත්නම් New බට්න් එක click කරන්න. තියනවනම් Edit බට්න් එක click කරන්න.
3. New බට්න් එක click කලානම් පහත ආකාරයට අගයන් ඇතුලත් කරන්න. මෙහි variable value එකට ඔබ ජාවා install කල path එකේ bin folder එක ලබා දිය යුතුයි.
4. Edit බට්න් එක click කලානම් පහත ආකාරයට දැනට පවතින variable value එක ඉදිරියේ ";" ලකුණ යොදා ඔබේ ජාවා bin folder එකේ path එක ලබා දිය යුතුයි.
5. අදාළ අගයන් ඇතුලත් කිරීමෙන් පසු OK බට්න් එක click කරන්න.
හරි. අපි ජාවා install කරගෙන ඉවරයි. Environment Variables configure කිරීමේ ප්රයෝජනය සහ අපේ පලවෙනි ජාවා ප්රෝග්රෑම් එක හදන හැටි ඊලග පාඩමෙන් බලමු.
