අද අපි
කතාකරන්න යන්නෙ කොහොමද තමන්ටම personal website එකක් හදාගෙන නොමිලේම internet එකේ publish
කරන්නෙ කියල. මේකට අපි පාවිච්චි කරන්නෙ GitHub Pages. ඊට කලින් මම කියල ඉන්නම් මෙහෙම website එකක් හදාගන්න එකේ වැදගත්කම මොකක්ද කියල. මූලිකම දේ මේකයි. අපි job එකකට apply කරන්න CV එකක් හදද්දි පුළුවන් තරම් try කරන්න ඕනේ CV එකේ pages ගාන ලිමිට් කරගන්න. CV එකේ තියෙන්න ඕනෙ තමන්ගෙ විස්තර ගැන abstract එකක්. ඉතින් අපි කරපු projects වල සම්පූර්ණ විස්තර එහෙම ඇතුලත් කරන්න ගියොත් CV එක පොතක් වගේ වෙනව.
මේකට විසදුමක් තමයි CV එකේ project ගැන විස්තර කෙටියෙන් ඇතුලත් කරල, තමන්ගෙ website එකේ එක එක project එක ගැන images එක්කම පැහැදිලි විස්තරයක් ඇතුලත් කරන එක. ඔයාල කරන projects ඔක්කොම GitHub එකට upload කරල website එකේ පෙන්නන්නත් පුළුවන්. (හැබැයි CV එකේ ඔයාලගෙ website එකේ link එක දාන්න අමතක කරන්න එපා. අනිත් එක GitHub Pages කියන්නෙ hosting service එකක් නෙවෙයි. ඔයාලට PHP, JSP projects එහෙම මේකෙ host කරන්න හැකියාවක් නෑ. Static webpages host කිරීමේ පහසුකම විතරයි තියෙන්නේ.) ඒ වගේම personal website එකක් official වෙන්න ඕනෙ නැති නිසා simple English වලින් තමන් කැමති ඕනෙම විස්තරයක් ඇතුලත් කරන්න පුළුවන්. මේකට කියන්නෙ ePortfolio එකක් කියල. මේ තියෙන්නෙ ePortfolio ගැන youtube එකේ තිබුන video එකක්.
ඒ වගේම මේකෙ තියන අනිත් වාසිය, ඔයා මේ වෙනකොට කරල තියන projects කාටහරි පෙන්නන්න අවශ්‍ය උනොත්, ඒ වෙලාවෙම site එකට ගිහින් පෙන්නන්න පුළුවන්. පරණ projects දාපු තැන් හොය හොය කාලෙ නාස්ති කරන්න ඕනෙ නෑ. ඔයා university student කෙනෙක්නම් දන්නව ඇති first year එකේදී කරපු projects ගොඩක් අයට final year වෙද්දි අමතකයි. මුල ඉඳලම මේ වගේ site එකක් maintain කරනවනම් එහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙත් නෑ.
හරි. දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නෙ කියල.
1) මුලින්ම GitHub එකේ account එකක් හදාගන්න.
***ඔයා university student කෙනෙක්නම් ඔයාට අනිවාර්යෙන්ම university email address එකක් ඇති. ඒ email එකෙන් GitHub account එක හදාගත්තොත් හරි, නැත්නම් ඔයාගේ තියන GitHub account එකට ඒ email එක connect කලොත් හරි ඔයාට ගොඩක් වටින web development services කිහිපයක් නොමිලේ student pack එකක් විදිහට ලබාගන්න පුළුවන්. මේ pack එකට ඔයාගේ e-portfolio එක publish කරන්න පුළුවන් .me domain එකකුත් ඇතුලත්. ***
2) මේ step එක student email එකක් තියන කට්ටියට. මේ site එකට යන්න https://nc.me/. ගිහින් ඔයාගෙ site එකට පාවිච්චිකරන්න කැමති address එකක් මෙතන type කරන්න. උදාහරණයක් විදිහට ඔයාගේ නම දිනේෂ් කාර්තික් නම්, dineshkarthik.me වගේ එකක් හොඳයි. ;)
ඊට පස්සේ ඔයාගේ domain එක cart එකට add කරල Complete Order button එක click කරන්න. මේකෙදි ඔයාගෙන් මුදල් අයකිරීමක් සිද්දවෙන්නේ නෑ. මොකද ඔයා student කෙනෙක් නිසා. (මේ සේවාව නොමිලේ ලබාගන්න පුළුවන් අවුරුද්දකට විතරයි)
3) හරි. දැන් ඔයාගේ GitHub account එකට log වෙලා බලන්න. අළුත් repository එකක් හැදිල ඇති username.github.io කියන format එකට. (student emails නැති අය මේ විදිහට අලුත් repository එකක් හදාගන්න. username කියන තැනට එන්න ඕනේ ඔයා දැනට භාවිතා කරන github username එක.) ඒ repository එක ඇතුලට යන්න.
4) ඔයාලගෙ computer එකේ notepad open කරගෙන මෙන්න මේ වගේ simple webpage එකක් හදාගන්න. ඒක index.html නමින් save කරගන්න. මේක පාවිච්චි කරන්නෙ අපේ domain එක check කරගන්න.
5) දැන් ඔයා කලින් open කරගත්තු repository එකට මේ index.html file එක upload කරගන්න. (මේකට git install කරල තියෙන්න ඕනෙ නෑ. Repository එක open කරපු page එකේම 'Upload Files' button එක click කරල file එක drag and drop කරන්නයි තියෙන්නෙ.) Upload උනාට පස්සෙ page එකේ යට තියන 'Commit Changes' button එක click කරන්න.
6) හරි. අපි දැන් domain එකයි host එකයි configure කරගෙන ඉවරයි. වැඩේ සාර්ථකයිනම් ඔයා කලින් හදාගත්ත username.me domain එකට ගියහම "Hello World" message එකක් පෙන්නන්න ඕනේ. මෙන්න මේ වගේ. (.me domain එකක් නැත්නම්
username.github.io address එක පාවිච්චි කරන්න. )
username.github.io address එක පාවිච්චි කරන්න. )
7) දැන් අපිට කරන්න තියෙන්නෙ හොඳ template එකක් පාවිච්චි කරල ලස්සනට site එක හදාගන්න එක. මමනම් පාවිච්චි කළේ මෙන්න මේ template එක.මේ site එකේම තව මේ වගේ free templates ගොඩක් තියනව. වැඩිය complex templates වලට යන්න එපා. මොකද මේ වගේ site එකක් simple වෙන තරමට තමයි හොඳ.
Link: https://themes.3rdwavemedia.com/website-templates/free-responsive-website-template-for-developers/
Template එක download කරල එකෙ තියන index.html file එක notepad++ වගේ editor එකකින් open කරගෙන ඔයාලට ලේසියෙන්ම template එක customize කරගන්න පුළුවන්. Edit කරල ඉවරවෙලා කලින් upload කළා වගේ template එකේ ඔක්කොම files ටික ඔයා හදාගත්ත GitHub repo එකට upload කරගන්න.
හරි..වැඩේ ඉවරයි. මේ repo එකේම subfolders හදල ඔයාගෙ projects upload කරගන්න පුළුවන්. වැඩේ කරද්දි ප්‍රශ්න, ගැටළු ආවොත් හරි, post එකේ වැරදි අඩුපාඩු මොකුත් තියනවනම් හරි comment කරගෙන යන්න අමතක කරන්න එපා.. අලුත් post එකකින් අයෙත් හම්බවෙමු.


No comments:
Post a Comment