පහුගිය දවස්වල තිබ්බ වැඩ අධික කමත් එක්ක අලුත් පාඩමක් දාන්න වෙලාවක් තිබුනෙ නෑ. පොඩි නිවාඩුවක් ලැබුන නිසා හිතුන අලුත් පාඩම් ටිකක් දැම්මොත් හොඳයි කියල. හරි..අන්තිම පාඩම ඉවරවෙද්දි මම කිව්වනේ ඊලග පාඩමෙන් loops ගැන කියල දෙනව කියල. සාමාන්‍ය ජීවිතේදිනම් loop එකක් කියන්නෙ අගත් මුලත් සම්බන්ධ වෙන රවුම් හැඩයකට. අපි බලමු programming වලදි loop එකක් කියන්නෙ මොකද්ද කියල.
ඇත්තටම programming වලදී loop එකක් කියල කියන්නෙ එකම දේ නැවත නැවතත් කරන code segment එකකට. පහතින් තියෙන්නෙ ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් සරල උදාහරණයක්.
අපි හිතමු අපිට තේ එකක් හදන්න ඕනෙ කියල. ඒකට අදාළ steps ටික ගමුකො.
step 1: උණු වතුර ටිකක් කෝප්පයකට දාගන්න
step 2: තේ කොල හැන්දක් දාන්න
step 3: සීනි හැන්දක් දාන්න
step 4: සීනි මදිනම්, නැවත step 3 වෙත යන්න
step 5: පිළිගන්වන්න
මේක බැලුවහම අපිට තේරෙන දෙයක් තමයි 3 සහ 4 යන steps දෙක කීපවාරයක් run වෙනව කියන එක. 5 වෙනි step එකට යන්නෙ සීනි ඇතිවෙන්න දාගෙන ඉවරවුනාට පස්සෙ. ඉතින් මේ 3 සහ 4 steps දෙක loop එකක් විදිහට වැඩකරනව කියල අපිට කියන්න පුළුවන්. හැබැයි අපි කොහොමද loop එක කී වතාවක් run වෙනවද කියල තීරණය කරන්නෙ? ඒකට අපිට පාවිච්චි කරන්න වෙනව කොන්දේසියක්..ඒ කිව්වෙ loop condition එක. උඩ උදාහරණේ රතු පාටින් තියෙන්නෙ ඒක. loop එකේ හැම cycle එකකදීම අපි check කරනව condition එක satisfy වෙනවද කියල. satisfy වෙන්නේ නැත්නම් (මේකෙදිනම් සීනි මදි නැත්නම්) loop එක එතනින් ඉවරකරල ඊලග step ඒකට යනව.
හරි. දැන් තේරෙනවනෙ loop එකක් කියන්නෙ මොකද්ද කියල. ඊළගට බලමු python වලදි loop එකක් පාවිච්චි කරන විදිහ. python වල loops වර්ග දෙකක් තියනව. while loop සහ for loop. අපි මේ දෙක වෙන වෙනම අරගෙන බලමු.
while loop
මේකෙදි අපි කරන්නෙ උඩ කිව්ව වගේ loop එකට condition එකක් දෙන එක. උදාහරණයක් බලමුකො.x=1 while(x<10): print(x) x=x+1 print('end')
මේ code එක python වල type කරල run කරල බලන්නකො. මතක ඇතුව දෙවෙනි line එකට පස්සෙ තියන line දෙකේ ඉස්සරහින් තියන tab space එක ඒ විදිහටම තියන්න. මේකට කියන්නෙ indentation කියල.මේකෙන් අපි python interpreter එකට කියනවා 'මේ code line එක අයිති උඩ තියන line එකට' කියල. අපේ උදාහරණේදිනම් 3,4 line දෙක අයිතිවෙන්නෙ දෙවනි line එකට. ඒ කියන්නෙ while loop එකට. හැබැයි 5 වෙනි line එක තියෙන්නෙ while loop එකෙන් එලියෙ. මොකද ඒකට අපි indentation දාල නෑ.ඉතින් loop එක run වෙන හැම වාරෙකදිම 3,4 lines දෙක තමයි run වෙන්නෙ.ඔයාල code එක හරියට type කලානම් run කලහම මේ වගේ output එකක් එයි.
1 2 3 4 5 6 7 8 9 end
for loop
මේකෙදිත් වෙන්නෙ කලින් කිව්ව වගේම දෙයක් තමයි. හැබැයි මේකෙ වෙනස තමයි අපි increment එක (loop එක කී වතාවක් run උනාද කියල බලන්න අපි කලින් x කියල variable එකක් අරගෙන ඒක එකින් එක වැඩි කලා හැම cycle එකේදිම. ඒකට තමයි increment එක කියන්නෙ) දෙන්නෙ loop එක පටන්ගන්න line එකේමයි. උදාහරණයක් බලමු.for x in range(1,10):
print(x)
print('end')
මේකේ පලවෙනි line එක හොඳට බැලුවොත් ඔයාලට තේරුම්ගන්න පුළුවන් අපි x කියන variable එකට range එකක් දීල තියනව. වරහන් ඇතුලෙ තියන range එකේ තමයි x වෙනස් වෙන්නෙ (1 සිට 10 දක්වා). ඔයාලට මේ වගේ output එකක් බලාගන්න පුළුවන් වෙයි.
1 2 3 4 5 6 7 8 9 end
ඔයාලට පේනව මේ loops දෙකෙන්ම සිද්දවෙන්නෙ එකම දේ. එත් අපේ අවශ්‍යතා අනුව මේ දෙකම එක එක විදිහට customize කරන්න පුළුවන්. ඒ ගැන ඉස්සරහට කතාකරමු. දැනට ඔයාලට python ගැන හොඳ මූලික දැනුමක් තියනව. ඒ දැනුමෙන් hackathon එකකදි ලොකු දෙයක් කරන්න පුළුවන්..හැබැයි, practice වීම අනිවාර්යයි.
Challenge එකකට කැමති කට්ටිය දැන්ම මේ website එකට ගිහින් register වෙන්න.

ඔයාලගේ programming දැනුම වගේම analytical skill එකත් වැඩිකරගන්න හොඳම තැනක් තමයි ඕක.ලෝකෙ වටේම ඉන්න programmersල register වෙලා තරග කරන site එකක්. උත්සාහ කරල බලන්න ඔයාලටත් medal එකක් ගන්න පුලුවන්ද කියල.
ඒ වගේම ඉස්සරහට තියන hackathon ගැන දැනගන්න මේ site එකට යන්න.
හරි අදට එච්චරයි. අලුත් පාඩමකින් ආයෙමත් හම්බවෙමු. ජයවේවා! :)



No comments:
Post a Comment