පලවෙනි පාඩමෙන් අපි ජාවා install කරන
හැටි ඉගෙනගත්තනේ. දැන් අපි අපේ පළවෙනිම program එක ලියමු. මේ දේවල් ගොඩක් අය
දැනටමත් දන්නව ඇති. එත් මූලික දැනුමක් නැති, පාසැල් වයසෙ කෙනෙක්ට උනත් follow කරන්න විදිහට මේ පාඩම් මාලාව කරගෙන යන එක තමයි මගේ අරමුණ.
එත් programming theory ගැඹුරින් අද්‍යනය කරන්න කැමති
අයටත් මේ පාඩම් වැදගත් වෙයි. එහෙනම් වැඩි කතා නැතුව වැඩේ පටන්ගමු.
1)
මුලින්ම
කරන්න ඕනෙ දේ තමයි කැමති text editor එකක් තෝරගන්න එක. ජාවා ප්‍රෝග්‍රෑම්
එකක් ලියන්න අපිට ඕනෙම text editor එකක් පාවිච්චි කරන්න පුළුවන්.
notepad, wordpad, ms word.. මේ ඕනෙම එකක්. එත් notepad++ වගේ
programming වලට support කරන text editor එකක්
පාවිච්චි කලොත් neat එකට අපේ වැඩේ කරගත්තහැකි.
කැමතිනම්
මේ link එකෙන් notepad++
download කරගන්න.
https://notepad-plus-plus.org/download/v6.9.1.html
එත් සාමාන්‍ය notepad එක පාවිච්චි කලත් කිසිම ප්‍රශ්නයක්
නෑ.
2)
ඔයා
තෝරගත්තේ notepad++ නම් menu bar එකේ Language menu එකේ J අකුර යටතේ Java තෝරගන්න.
3)
දැන්
ඔයාගේ text editor එක open කරගෙන පහලින් දාල තියන lines ටික
type කරගන්න.
4)
හරි...program ඒක ලියල ඉවරයි. දැන් ඕක save
කරගන්න. File > Save As ගිහින් file name එක හැටියට HelloWorld.java දෙන්න.(notepad පාවිච්චි කලානම්
මතක ඇතුව පහත රූපයේ ආකාරයට save as type එක All files කරන්න.)
5)
දැන් run කරල බලමු. run කරන්න කලින් අපි මේක
compile කරගන්න ඕනෙ. ඒකට මුලින්ම ඔයා program එක save කරපු location එකට යන්න.
දැන් Shift එක ඔබාගෙන හිස්තැනක් right click කරන්න. ඊටපස්සේ Open command window here
කියන option එක click කරන්න.
6)
දැන් command
prompt එක open වෙලා ඇති. Command prompt එකේ javac කියල type කරල enter ඔබන්න.
ඔයාගෙ command window එකේ පහල තියන විදිහට පෙන්නන්නෙ නැත්නම් environment variables
හදද්දි මොකක්හරි අවුලක් වෙලා. එහෙමනම් අපහු පලවෙනි පාඩම බලල ඒක හදාගන්න.
7)
දැන් javac HelloWorld.java
කියල type කරල enter key එක ඔබන්න.program එක compile වෙන්න තප්පර දෙක තුනක් යයි.
8)
ඊටපස්සෙ java HelloWorld
කියල type කරල enter කරන්න. දැන් ඔයාගෙ program එක run වෙලා Hello World! කියල
command window එකේ print වෙයි.
9)
Congratz! : ) ඔයා ඔයාගෙ පලවෙනි java program එක
සාර්ථකව run කළා. run නොවී error එකක් ආවනම් ආපහු හැම පියවරක්ම හරියටම check
කරන්න. Code එක 100% හරිද බලන්න. මොකද පොඩි semicolon එකක්, dot එකක් මගහැරුනත්,
capital simple මාරු උනත් අනිවාර්යෙන්ම error එකක් පෙන්නනව.
10)
හරි..පාඩමේ
activity එක මෙතනින් ඉවරයි. දැන් අපි ලියපු code එක analyze කරල බලමු. ඒ කිව්වෙ
theory part එක.ටිකක් boring තමයි.එත් මේවත් වැදගත්. මොකද කලේ මොකද්ද කියල නොදැන
නිකන් code type කලාට වැඩක් නෑ.
අපි මුලින්ම දැනගන්න ඕනෙ දෙයක් තමයි java කියන්නේ object
oriented programming language
එකක්. ඕකෙ අනිත් ජාතිය structured programming language. ඒ කිව්වෙ C,
Pascal වගේ
ඒව. ඉතින් java වගේ language එකකින් program එකක් ලියද්දි මුලින්ම අපි class එකක්
හදාගන්න ඕනෙ.පස්සෙ අපිට ඒ class එක භාවිතා කරල විවිධ objects හදාගන්න පුළුවන්.සරලව
කියනවනම් ‘animal’ කියල class එකක් තියනවනම් ‘rabbit’ කියන්නෙ ඒ class එකට අදාල
object එකක්. ‘lion’ කියන්නේ තවත් object එකක්. මොකද rabbit, lion කියන දෙන්නටම
animal ට අදාළ ලක්ෂණ තියන නිසා. class එකක් ඇතුලෙ තමයි අපි variables, methods හදාගන්නෙ. දැනට මේව
ගැන වැඩිය හිතන්න යන්න ඕනෙ නෑ. මේ වගේ දෙයක් තියනව කියල දැනගෙන හිටියහම ඇති.
අපේ program
එකේ පලවෙනි line එක බලමු.
public
class HelloWorld {
මේකෙන් කරන්නෙ
අපි කලින් කතාකරපු class එක හදාගන්න එක. class name එක හැටියට අපි දීල තතියෙන්නෙ HelloWorld.
මේ වෙනුවට අපිට ඕනෙම නමක් පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි
අපි අපේ file එක save කරද්දි file name එක හැටියට දෙන්න ඕනෙ මේ class name එක. උදාහරණයක්
විදිහට class name එක MyClass නම් file එක save කරන්න ඕනෙ MyClass.java කියන
නමින්. මේකෙදි capital simple අකුරු ගැන අවධානය යොමු කරන්න ඕනෙ. ඔයා class name එක
MyClass කියල දීල file name එක Myclass.java එහෙම නැත්නම් myClass.java එහෙමත්
නැත්නම් myclass.java කියල දැම්මොත් අනිවාර්යෙන්ම compile කරද්දි error එකක් එනව. අන්තිමට
තියන සගල වරහනෙන් class එක ඇරල තියෙන්නෙ. ආපහු සගල වරහනකින් වහනකන් අපි type කරන
සියලුම දේවල් අයිති වෙන්නෙ ඒ class එකට.
දෙවෙනි
line එක.
public static void main(String[] args) {
මේක අපේ program එකේ main method එක.
ඒ කිවුවෙ program එක run වෙන්න පටන්ගන්නෙ මේකෙන් තමයි.අපේ program එකේ මුලින්ම
වෙන්න ඕනෙ දේවල් අපි දාන්නෙ main method එකේ..කලින් වගේම සගල වරහන් ඇතුලෙ. main
method එකක් නැතුව කවදාවත් java program එකක් run කරන්න බෑ.
දැනට
අපි කතාකරපු lines දෙක ඕනෙම java program එකකට පොදුයි. අපි ඉස්සරහට ලියන හැම
program එකකම ඔය lines දෙක අපිට මුණගැහෙනව. මෙතනින් එහාට තමයි ඇත්තම program එක
තියෙන්නෙ. ඒ කිවුවෙ කරන්න ඕනෙ මොනවද කියල අපි computer එකට උපදෙස් දෙන්නෙ මෙතනින්
එහාට. programmer කෙනෙක් හිතල කරන්න ඕනෙ දේවල් තමයි මෙතනින් එහාට ඇතුලත් වෙන්නෙ.
අපේ
අවශ්‍යතාවය උනේ “Hello World!” කියන output එක ගන්න එකනෙ. ඒ line එක තමයි ඊලගට
තියෙන්නෙ.
System.out.println(“Hello
World!”);
මෙතනදි println කියන command එක වෙනුවට
අපිට print කියන command එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙකේ වෙනසත් ඉස්සරහට
කතාකරමු.
ඊටපස්සෙ
කරල තියෙන්නෙ main method එකයි HelloWorld class එකයි පිළිවෙලට සගල වරහන් වලින් වහන
එක.
HelloWorld
ගැනත් යමක් කියන්නම්කො. ඕනෙම programmer කෙනෙක් සම්ප්‍රදායක් විදිහට programming language
එකක පලවෙනි පියවර තියන්නෙ Hello World කියල print වෙන program එකකින්. Hello World
program එකේ ඉතිහාසය හොයන්න 1974 ට යන්න වෙනව. ඇමරිකාවෙ Bell Labs කියන company
එකේ scientist කෙනෙක් විදිහට වැඩකරපු Brian Kernighan
ලියපු A Tutorial Introduction to the Language B කියන පොතේ තමයි
පලවෙනි Hello World program එක ලියවිලා තියෙන්නෙ. මේ පොත C language එකට කලින් ආපු
B language එක ගැන ලියවෙච්ච පොතක්. මේ තියෙන්නෙ ඒ program එක.
main( ) {
extrn a, b, c;
putchar(a); putchar(b); putchar(c); putchar(’!*n’);
} 1 ’hell’;
b ’o, w’;
c ’orld’;
extrn a, b, c;
putchar(a); putchar(b); putchar(c); putchar(’!*n’);
} 1 ’hell’;
b ’o, w’;
c ’orld’;
![]() |
| Brian Kernighan |
Brian Kernighan කියන හැටියට එයා බලපු cartoon එකකින් තමයි hello
world කියන වචන දෙක අරගෙන තියෙන්නෙ. කොහොම උනත් අද වෙනකොට programming ගැන ලියවෙච්ච හැම පොතකම වගේ
මුල්ම උදාහරණය හැටියට පාවිච්චි වෙන්නෙ Hello World.
හරි. එහෙනම්
දෙවෙනි පාඩම මෙතනින් ඉවරයි. ඊලග පාඩමෙන් බලමු java වලින් පොඩි calculator එකක්
හදන්නෙ කොහොමද කියල.

