Monday, October 3, 2016

පයිතන් : 2 පාඩම - List Methods (Python : lesson 2)






            කලින් පාඩමෙන් අපි python වල input එකක් හරියට list එකකට දාගන්නේ කොහොමද කියල ඉගෙනගත්තනෙ. මේ පාඩමෙන් බලමු එහෙම ගත්ත list එකකට අපිට අවශ්‍ය විදිහට වෙනස්කම් කරන විදිහ සහ අපිට අවශ්‍ය data මේ list එකෙන් ලබාගන්න විදිහ.මේකට අපි පාවිච්චි කරන්නෙ list methods සහ list functions. අපි hackathon එකක problem එකක් කියවල තෙරුම්ගත්තට පස්සෙ අපේ හිතේ ඇඳෙන logic එක code එකක් බවට පරිවර්තනය කරගන්න මේ list methods සහ functions වැදගත් වෙනව.
            ප්‍රධාන වශයෙන් අපිට වැදගත් වෙන list methods 9ක් තියනව. ඒව තමයි  append(), count(), extend(), index(), insert(), pop(), remove, reverse(), sort().
            ඒ වගේම වැදගත් වෙන list functions 3ක් තියනව. ඒ max(), min(), count()

            හරි..අපි මුලින්ම බලමු python වල සාමාන්‍ය විදිහට list එකක් හදාගන්නෙ කොහොමද කියල.

            li=[7,1,9,4,2,5,8]
            li2=[4,3,5]
            li3=[‘i’,’l’,’u’,’w’,’m’,’l’,’d’]

            අපිට අවශ්‍ය element එකක් මේ list වලින් read කරන්න ඕනෙනම් දෙන්න ඕනෙ command එක
            a=li3[0]
            b=li[-1]
            දැන් a වල අගය ‘i (li3 එකේ මුල්ම element එක)
            b වල අගය 8 (li list එකේ අන්තිම element එක)
           
           ඉස්සරහට හම්බවෙන හැම example එකකම මම පාවිච්චි කරන්නෙ උඩ තියන list තුන. දැන් අපි එක එක method එක අරගෙන බලමු ඒවයින් කරන්න පුළුවන් මොනවද කියල.

1) append():
            අපේ list එකේ අගට අලුත් element එකක් එකතු කරගන්න append() method එක පාවිච්චි කරන්න පුළුවන්.
            
             li3.append(‘k’)

            මේ code එක run කලහම li3 කියන list එකේ අගට k අකුර එකතු වෙනව. දැන් print(li3) command එක දුන්නොත් අපිට එන්නෙ මේ වගේ output එකක්.

[‘i’,’l’,’u’,’w’,’m’,’l’,’d’,’k]


2) count():
            අපිට අවශ්‍ය element එකක් list එකේ කී වතාවක් දීල තියනවද කියල දැනගන්න count() method එක පාවිච්චි කරන්න පුළුවන්.
           
             a=li3.count(‘l’)

            උඩ තියන code එකෙන් වෙන්නෙ a කියන variable එකට 2 assign වෙන එක (a=2). මොකද l අකුර li3 list එකේ දෙවතාවක් තියන නිසා.


3) extend():
            List එකකට තවත් list එකක් එකතු කරන්න extend() method එක පාවිච්චි කරන්න පුළුවන්.

             li.extend(li2)

            දැන් print(li) command එක දුන්නොත් අපිට ලැබෙන්නේ 

            [7,1,9,4,2,5,8,4,3,5]

            කියන output එක. ඒ li list එකේ අගට li2 list එක එකතු වෙන නිසා.


4) index():
            අපිට අවශ්‍ය element එකක index එක හොයාගන්න index() method එක යොදාගන්න පුළුවන්.
           
             a=li3.index(‘l’)

           උඩ code එක run කලහම a වල අගය 1 (one) වෙනව. මොකද 'l' අකුර මුලින්ම දීල තියෙන්නෙ li3 list එකේ පලවෙනි element එක හැටියට.(i කියන්නෙ 0 ස්ථානයේ තියන element එක)


5) insert():
            list එකේ අපිට අවශ්‍ය ස්ථානයකට element එකක් දාගන්න insert() method එක පාවිච්චි කරන්න පුළුවන්.
              
            li3.insert(5,’w’)
             
            මේකෙන් වෙන්නෙ li3 එකේ 5 වෙනි ස්ථානයට ‘w’ අකුර ඇතුල් වෙන එක. දැන් li3 print කලොත් මේ වගේ output එකක් ලැබෙන්න ඕනෙ.
           
            ['i', 'l', 'u', 'w', 'm', 'w', 'l', 'd', 'k']


6) pop():
            List එකේ අන්තිම element එක අයින් කරන ගමන් ඒක return කරගන්න pop() method එක පාවිච්චි වෙනව.
            
             a=li2.pop()

            දැන් a වල අගය වෙන්නෙ 5.ඒ වගේම li2 list එකේ තියෙන්නෙ [4,3] elements දෙක විතරයි.


7) remove():
            අපිට අවශ්‍ය element එකක් list එකෙන් අයින් කරගන්න remove() method එක පාවිච්චි වෙනව.
           
             li.remove(5)

            දැන් li list එකෙන් 5 කියන element එක අයින් වෙනව. හැබැයි මුල ඉඳන් යද්දි හම්බවෙන පලවෙනි element එක විතරයි. දැන් li list එකේ තියෙන්නෙ [7,1,9,4,2,8,4,3,5] කියන elements ටික.

8) reverse():
            List එකක් අනිත් පැත්ත හරවගන්න reverse() method එක පාවිච්චි කරන්න පුළුවන්.
           
            li.reverse()

           දැන් li list එක තියෙන්නෙ මෙහෙම. [5,3,4,8,2,4,9,1,7]

9) sort():
            List එකක් ascending order එකට sort කරගන්න තමයි sort() method එක පාවිච්චි වෙන්නෙ.
            li.sort() command එකෙන් අපිට li list එක [1, 2, 3, 4, 4, 5, 7, 8, 9] ආකාරයට sort කරගන්න පුළුවන්. sort() method එක strings තියන list එකක් a-z sort කරගන්නත් පාවිච්චි කරන්නත් පුළුවන්.

හරි..මේ methods වලට අමතරව මම සඳහන් කරපු functions තුන පාවිච්චි වෙන්නෙ මොනවටද කියල දැන් බලමු.


1) max():
            List එකේ උපරිම අගය මේකෙන් හොයාගත්තහැකි.
            
             a=max(li)
           
           දැන් a වල අගය 9 වෙනව. මොකද li list එකේ උපරිම අගය 9.

2) min():
            max() function එක වගේමයි. min() function එකෙන් ලැබෙන්නෙ අවම අගය.

3) len():
            List එකේ තියන elements ගාන මේකෙන් හොයාගන්න පුළුවන්.

            a=len(li3)

            දැන් a වල අගය වෙන්නෙ 9. මොකද li3 list එකේ elements 9ක් තියන නිසා.

හරි..අද පාඩම මෙතනින් ඉවරයි. ඊලගට බලමු python වල loops සහ conditional statements ගැන.

Saturday, October 1, 2016

පයිතන් : 1 පාඩම - පයිතන් වලින් නිවැරදිව input එකක් ගමු (Python : lesson 1)




                         Python කියන්නෙ මෑත කාලයේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච පරිගණක භාෂාවක් කියල හැමෝම දන්නවනේ. Python වල ජනප්‍රියත්වයට ගොඩක්ම හේතු වෙලා තියෙන්නෙ syntax වල තියන සරල බව සහ ඉක්මනින් ඉගෙනගන්න පුළුවන් කම කිව්වොත් වැරද්දක් නෑ. මේ සරල බව නිසාම ගොඩක් අය Hackathon වලදි පාවිච්චි කරන language එක python බවට පත්වෙලා තියනව.
                         මේ පාඩම් මාලාවෙන් මම බලාපොරොත්තු වෙන්නෙ Hackathon එකකට සහභාගී වෙන්න ඉන්න අයට Python භාවිතා කරල  Hackathon එකට සාර්ථකව මුහුණදෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලබාදෙන්න.

                         දැනටමත් python install කරගෙන නැති කට්ටිය මේ link එකෙන් python install කරගන්න.
python_forWindows

                         හරි. දැන් ඔයාලගෙ dows search bar එකේ 'idle' කියල type කරන්න. එතනින් python IDLE එක තෝරගන්න


                            දැන් Ctrl+N ඔබල අලුත් window එකක් ගන්න.
                      

Hello World:

                            අපි බලමු python වල  Hello World program එක හදන්නෙ කොහොමද කියල. අලුත් window එකේ පහලින් තියන code එක type කරන්න.
print("Hello World")

                             ඒ තමයි python Hello World program එක. එක line එකයි. හරි..දැන් menu bar එකේ Run > Run Module click කරන්න. නැත්නම් f5 press කරන්න. ඊට පස්සෙ ඔයාගෙ program එක save කරන්න. දැන් program එක run වෙයි.


input එකක් ගමු:

                       Hackathon වලදි මුලින්ම දැනගන්න ඕනෙ දේ තමයි අපේ program එකට user input එකක් ගන්නෙ කොහොමද කියන එක. සාමාන්‍ය විදිහට input එකක් ගන්න python code එක  පහලින් තියෙන්නෙ

Friday, April 8, 2016

ජාවා : 2 පාඩම - අපේ පලවෙනි ප්‍රෝග්‍රෑම් එක (Java : lesson 2)




       පලවෙනි පාඩමෙන් අපි ජාවා install කරන හැටි ඉගෙනගත්තනේ. දැන් අපි අපේ පළවෙනිම program එක ලියමු. මේ දේවල් ගොඩක් අය දැනටමත් දන්නව ඇති. එත් මූලික දැනුමක් නැති, පාසැල් වයසෙ කෙනෙක්ට උනත් follow කරන්න  විදිහට මේ පාඩම් මාලාව කරගෙන යන එක තමයි මගේ අරමුණ. එත් programming theory ගැඹුරින් අද්‍යනය කරන්න කැමති අයටත් මේ පාඩම් වැදගත් වෙයි. එහෙනම් වැඩි කතා නැතුව වැඩේ පටන්ගමු.

1)      මුලින්ම කරන්න ඕනෙ දේ තමයි කැමති text editor එකක් තෝරගන්න එක. ජාවා ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න අපිට ඕනෙම text editor එකක් පාවිච්චි කරන්න පුළුවන්. notepad, wordpad, ms word.. මේ ඕනෙම එකක්. එත් notepad++ වගේ programming වලට support කරන text editor එකක් පාවිච්චි කලොත් neat එකට අපේ වැඩේ කරගත්තහැකි.
කැමතිනම් මේ link එකෙන් notepad++ download කරගන්න. https://notepad-plus-plus.org/download/v6.9.1.html
 එත් සාමාන්‍ය notepad එක පාවිච්චි කලත් කිසිම ප්‍රශ්නයක් නෑ.
2)      ඔයා තෝරගත්තේ notepad++ නම් menu bar එකේ Language menu එකේ J අකුර යටතේ Java තෝරගන්න.
3)      දැන් ඔයාගේ text editor එක open කරගෙන පහලින් දාල තියන lines ටික type කරගන්න.

4)       හරි...program ඒක ලියල ඉවරයි. දැන් ඕක save කරගන්න. File > Save As ගිහින් file name එක හැටියට HelloWorld.java දෙන්න.(notepad පාවිච්චි කලානම් මතක ඇතුව පහත රූපයේ ආකාරයට save as type එක All files කරන්න.)


5)       දැන් run කරල බලමු. run කරන්න කලින් අපි මේක compile කරගන්න ඕනෙ. ඒකට මුලින්ම ඔයා program එක save කරපු location එකට යන්න. දැන් Shift එක ඔබාගෙන හිස්තැනක් right click කරන්න. ඊටපස්සේ Open command window here කියන option එක click කරන්න.
6)      දැන් command prompt එක open වෙලා ඇති. Command prompt එකේ javac කියල type කරල enter ඔබන්න. ඔයාගෙ command window එකේ පහල තියන විදිහට පෙන්නන්නෙ නැත්නම් environment variables හදද්දි මොකක්හරි අවුලක් වෙලා. එහෙමනම් අපහු පලවෙනි පාඩම බලල ඒක හදාගන්න.
7)      දැන් javac HelloWorld.java කියල type කරල enter key එක ඔබන්න.program එක compile වෙන්න තප්පර දෙක තුනක් යයි.
8)      ඊටපස්සෙ java HelloWorld කියල type කරල enter කරන්න. දැන් ඔයාගෙ program එක run වෙලා Hello World! කියල command window එකේ print වෙයි.

9)       Congratz! : )  ඔයා ඔයාගෙ පලවෙනි java program එක සාර්ථකව run කළා. run නොවී error එකක් ආවනම් ආපහු හැම පියවරක්ම හරියටම check කරන්න. Code එක 100% හරිද බලන්න. මොකද පොඩි semicolon එකක්, dot එකක් මගහැරුනත්, capital simple මාරු උනත් අනිවාර්යෙන්ම error එකක් පෙන්නනව.

10)   හරි..පාඩමේ activity එක මෙතනින් ඉවරයි. දැන් අපි ලියපු code එක analyze කරල බලමු. ඒ කිව්වෙ theory part එක.ටිකක් boring තමයි.එත් මේවත් වැදගත්. මොකද කලේ මොකද්ද කියල නොදැන නිකන් code type කලාට වැඩක් නෑ.
අපි මුලින්ම දැනගන්න ඕනෙ දෙයක් තමයි java කියන්නේ object oriented programming language එකක්. ඕකෙ අනිත් ජාතිය structured programming language. ඒ කිව්වෙ C, Pascal වගේ ඒව. ඉතින් java වගේ language එකකින් program එකක් ලියද්දි මුලින්ම අපි class එකක් හදාගන්න ඕනෙ.පස්සෙ අපිට ඒ class එක භාවිතා කරල විවිධ objects හදාගන්න පුළුවන්.සරලව කියනවනම් ‘animal’ කියල class එකක් තියනවනම් ‘rabbit’ කියන්නෙ ඒ class එකට අදාල object එකක්. ‘lion’ කියන්නේ තවත් object එකක්. මොකද rabbit, lion කියන දෙන්නටම animal ට අදාළ ලක්ෂණ තියන නිසා. class එකක් ඇතුලෙ  තමයි අපි variables, methods හදාගන්නෙ. දැනට මේව ගැන වැඩිය හිතන්න යන්න ඕනෙ නෑ. මේ වගේ දෙයක් තියනව කියල දැනගෙන හිටියහම ඇති.
අපේ program එකේ පලවෙනි line එක බලමු.
public class HelloWorld {
            මේකෙන් කරන්නෙ අපි කලින් කතාකරපු class එක හදාගන්න එක. class name එක හැටියට අපි දීල තතියෙන්නෙ HelloWorld. මේ වෙනුවට අපිට ඕනෙම නමක් පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි අපි අපේ file එක save කරද්දි file name එක හැටියට දෙන්න ඕනෙ මේ class name එක. උදාහරණයක් විදිහට class name එක MyClass නම් file එක save කරන්න ඕනෙ MyClass.java කියන නමින්. මේකෙදි capital simple අකුරු ගැන අවධානය යොමු කරන්න ඕනෙ. ඔයා class name එක MyClass කියල දීල file name එක Myclass.java එහෙම නැත්නම් myClass.java එහෙමත් නැත්නම් myclass.java කියල දැම්මොත් අනිවාර්යෙන්ම compile කරද්දි error එකක් එනව. අන්තිමට තියන සගල වරහනෙන් class එක ඇරල තියෙන්නෙ. ආපහු සගල වරහනකින් වහනකන් අපි type කරන සියලුම දේවල් අයිති වෙන්නෙ ඒ class එකට.
            දෙවෙනි line එක.
                        public static void main(String[] args) {
            මේක අපේ program එකේ main method එක. ඒ කිවුවෙ program එක run වෙන්න පටන්ගන්නෙ මේකෙන් තමයි.අපේ program එකේ මුලින්ම වෙන්න ඕනෙ දේවල් අපි දාන්නෙ main method එකේ..කලින් වගේම සගල වරහන් ඇතුලෙ. main method එකක් නැතුව කවදාවත් java program එකක් run කරන්න බෑ.
            දැනට අපි කතාකරපු lines දෙක ඕනෙම java program එකකට පොදුයි. අපි ඉස්සරහට ලියන හැම program එකකම ඔය lines දෙක අපිට මුණගැහෙනව. මෙතනින් එහාට තමයි ඇත්තම program එක තියෙන්නෙ. ඒ කිවුවෙ කරන්න ඕනෙ මොනවද කියල අපි computer එකට උපදෙස් දෙන්නෙ මෙතනින් එහාට. programmer කෙනෙක් හිතල කරන්න ඕනෙ දේවල් තමයි මෙතනින් එහාට ඇතුලත් වෙන්නෙ.
            අපේ අවශ්‍යතාවය උනේ “Hello World!” කියන output එක ගන්න එකනෙ. ඒ line එක තමයි ඊලගට තියෙන්නෙ.
            System.out.println(“Hello World!”);
            මෙතනදි println කියන command එක වෙනුවට අපිට print කියන command එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙකේ වෙනසත් ඉස්සරහට කතාකරමු.
            ඊටපස්සෙ කරල තියෙන්නෙ main method එකයි HelloWorld class එකයි පිළිවෙලට සගල වරහන් වලින් වහන එක.
            HelloWorld ගැනත් යමක් කියන්නම්කො. ඕනෙම programmer කෙනෙක් සම්ප්‍රදායක් විදිහට programming language එකක පලවෙනි පියවර තියන්නෙ Hello World කියල print වෙන program එකකින්. Hello World program එකේ ඉතිහාසය හොයන්න 1974 ට යන්න වෙනව. ඇමරිකාවෙ Bell Labs කියන company එකේ scientist කෙනෙක් විදිහට වැඩකරපු Brian Kernighan ලියපු A Tutorial Introduction to the Language B  කියන පොතේ තමයි පලවෙනි Hello World program එක ලියවිලා තියෙන්නෙ. මේ පොත C language එකට කලින් ආපු B language එක ගැන ලියවෙච්ච පොතක්. මේ තියෙන්නෙ ඒ program එක.
main( ) {
extrn a, b, c;
putchar(a); putchar(b); putchar(c); putchar(’!*n’);
} 1 ’hell’;
b ’o, w’;
c ’orld’;

Brian Kernighan

 Brian Kernighan කියන හැටියට එයා බලපු cartoon එකකින් තමයි hello world කියන වචන දෙක අරගෙන තියෙන්නෙ. කොහොම උනත් අද වෙනකොට programming ගැන ලියවෙච්ච හැම පොතකම වගේ මුල්ම උදාහරණය හැටියට පාවිච්චි වෙන්නෙ Hello World.
හරි. එහෙනම් දෙවෙනි පාඩම මෙතනින් ඉවරයි. ඊලග පාඩමෙන් බලමු java වලින් පොඩි calculator එකක් හදන්නෙ කොහොමද කියල.